නුඹ මත්තෙම නැහෙන නුඹ මත්තෙම නැහෙන
නුඹ ගැනම වදවෙන
නුඹ ගැනම හිතන
පොඩි දෙයටත් හිත රිදෙන
මහමෙරක් තරම් වූ ආදරය
හිත පිරී හිතා ගන්නත්
බැරි තරමට
එදා අවිහිංසකම නුඹ
අද නපුරු ඇයි මෙලෙසට
සිතෙනු ඇති නුඹට
හුදෙකලාවේ සිටින විට
අඩුවක් නොවෙයි එයයි ආදරය
ලෝබයි තවම මම නුබේ ආදරයට
අහිමි කර නොයනු මැන
ලැබුණු මේ සෙනෙහස
සත්තයි ආදරෙයි එදාටත් වඩා අද
by Priyangani Madushani
කදුළු ගෙන ආව තත්පරේ....
වැයෙන තත්සරයහදම කලතාන
කදුළු ගෙන ආව
තත්පරේ....
සො`දුරු ලෝකයක
තනිව හිනැහෙන්න
දැක්ක පෙම් හීන දිය වුණේ
ඉමක් නැති රැයක
ස`දක් නැති පැයක
තරුත් ඇයි දැන්ම මියැදුණේ
සයුර තෙර ගාව
නොනිමි රළ සේම
මගෙත් දුක ඇත
හදවතේ
by Priyangani Madushan
කින්නරියසිත්තම් කළ සඳ
සාවිය නුඹමය
ගනදුර දුරලන
මිණිසර උණුහුමට
සරදම් වූ සඳ
නළවන සිසිලස
නිමේෂය ස්නේහයේ
සාගරය සේ දුන්න
නුඹමය සැඟවෙන්න
තනියම තනියට ඉන්න
හද ගීය සොරාගත්
පෙම්ලොවෙහි තරු රහස්
කින්නරිය වූ සඳක
පතිනියකි නුඹ මවක
ගෙවාලූ වසන්තය
කැදැල්ලක හිමි නුඹට
මල් කැකුළු විකසිතව
රැුකගන්න සඳ සිසිල
දක්ෂිණ දම්රුවන්
අනන්තය
මඩ ගොහුරු
ගල් බොරළු
දෙපයේ නිරතුරු ගැටෙන
ගමනක්ය නොනවතින
අනන්තය සොයා යන
මල් සිහින
කටු විඳින
එතුනු පන්දුවක් ලොව
ඇස දුවන ලස්සන සොයන
නුඹ කව්ද ලූහුබදින
ගතෙහි රුව හාවෙකු රඟන
හදකි දිදුළන රැුයක
අදුරුමය හැමදාම
සෙවණැල්ල ලූහුබදින
ආත්මය වසාගත්
ස්වප්නයේ සිහිසුන්ව
දිවිගෙවන ගොදුරකය
අනන්තය සොයා යන
දුල්මි නිකේෂලා
ඔබයි මගේ ජීවිතේ සංසාර සිහිනේ ඔබ මගේ ජීවිතේ
ජීවයක් සොයා දුන් මගේ ආදරේ
සැමදාටම ඔබම පතා මං ආවේ
දුටුවා ඔබ නිසා මා මේ ලෝකේ
ලගින් සිටින මොහොතක් ගානේ
සිතේ සතුටයි මට දැනෙන්නේ
සිහින දකිමින් ගෙවන දිවියේ
ජීවය වී නුඹ ඇත්තේ
වේදනා හංගා තියා මා සිතේ ආදරේ දුන්නේ
ඔබ ඉපදෙනා හැම හැම භවයේ
සිත පුරා මවාලා සිත්තම්
නුඹ ගාව රැුදිලා ඉන්නම්
ජීවිතේ කියලා දෙන්නම්
ආදරෙත් නුඹටම දෙන්නම්
කෞශල්‍යා සෙව්වන්දි




No comments:
Post a Comment