කලාවෙන් බිදක්...



                          
 චිත‍්‍ර කලාව



                           චිත‍්‍රයකදී මූලික වශයෙන් කෙරෙන්නේ හැඩ, හැඩතල, වයනය (ඔැංඑමරු*  පැහැය, අවකාශය, වස්තු වල දෘශ්‍ය ස්කන්ධ පරිමාවේ ස්වභාවය ( ඪ්කමැ * අන්තර් පරිමාව වැනි (ඪසිම්ක ඩදකමපැ* ආදී මූලික ගති ලක්ෂණයන්  කිසියම් සෞන්දරය අත්දැකීමක් පිණිස මැවීම ය. නැතහොත් හැසිරවීමය. මෙය කිරීමට ඉවහල් කර ගන්නේ වර්ණ සහ රේඛාය. ඇත්ත වශයෙන් චිත‍්‍රයේ මූලිකාංග වන්නේ මේ දෙකය. චිත‍්‍රයක් නිම කිරීමට පෙර වර්ණ සහ රේඛා පවතින්නේ ක‍්‍රියාවලිගත නොවූ දත්ත හැටියටය. අමුදව්‍ය හැටියට ය. වර්ණ, රේඛා යන්නට චිත‍්‍රයේ හැඩතලද චිත‍්‍රයේ මූලිකාංගයක් කොට චිත‍්‍රය අරථකථනය කිරීම අතාර්තිකව කලාන්තරයක් තිස්සේ  චිත‍්‍ර කලා අධ්‍යාපනය තුළ කරන දෙයකි. හැඩතල පමණක් නොව වයනය,( ඔැංඑමරු* පැහැය, අවකාශය වස්තු වල දෘශ්‍ය ස්කන්ධ පරිමාව ස්වභාවය (ඪ්කමැ* අන්තර් පරිමාව (ඪසිම්ක ඩදකමපැ* ආදී  ඕනම මූල ගති ලක්ෂණයක් වර්ණ සහ රේඛා මගින් සාක්ෂාත් කරවන ගතිකයන් මිස චිත‍්‍රනයට ඉවහල් කර ගන්නා මූලිකාංගයන් නොවේ. එහෙත් මේවා චිත‍්‍රණයේ ගති ලක්ෂණ සමගම බැදී පවතින අවියෝඡුනීය ගති ලක්ෂණයන් ය.
                           ඕනෑම කෙනෙකුට චිත‍්‍රයක් නිම විය හැකි නමූත් වෘර්තීය සිත්තරෙකුට තම කෘති මගින් මුලිකාංග හා චිත‍්‍රමය ගති ලක්ෂණයන් තමන් අතින් හැසිරවෙන ආකාරය පිලිබද අවබෝධයක් සේම තක්සේරුවක් තිබිය යුතුය. වර්ණ සහ රේඛා මගින් චිත‍්‍ර නිමවන නමුත් නරඹන්නාට පෙනෙන්නේ ගති ලක්ෂණය. කෙතරම් ගති ලක්ෂණයන් දෘශ්‍යමාන උවත් කෘතිය තුළ අධිිනිශ්චය වන්නේ බොහෝ විට එක ගති ලක්ෂණයකි. එය කුමක්ද යන්න වෘර්තීය සිත්තරෙකුට තේරුමී ගැනීමට බැරි කමක් නැත. චිත‍්‍රයකදී මූලික වශයෙන් කෙරෙන්නේ මූල ගති ලක්ෂණයන් කිසියම් සෞන්දර්ය අත්දැකීමක් පිණිස මැවීමය. මේ සදහා ඉවහල් වන්නේ වර්ණ සහ රේඛාය.
                              චිත‍්‍ර කලා විචාරය මගින් මූලික වශයෙන් විය යුත්තේ චිත‍්‍ර කලාවේ මූලිකාංග මගින් අධිනිශ්චය කරන ගති ලක්ෂණයත්, අවශේෂ කරන ගති ලක්ෂණ වලත් උචිතානුචිත භාවය කොතරම් දුරට කෘතියේ අන්තර්ගතය සමග සෞන්දර්යාත්මකව අදාළ වන තරම පරීක්ෂා කිරීමය.



සෞන්දර්යය සහ චිත‍්‍ර කලාව

                       සෞන්දර්ය විද්‍යාව සූන්දරත්වයේ විද්‍යාව වීමට උත්සහ දරන අතර, එය කාන්ට් හේගල් වැනි 18 සහ 19 වැනි සිියවස්වල දාර්ශනිකයින්ගේ වැදගත් දාර්ශනික ගැටලූවක් විය. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සම්භාව්‍ය දාර්ශනිකයෝද චිත‍්‍ර කලාව පිළිබද න්‍යායන් ඉදිරිපත් කලේය. ඩාවින්චිගේ කාල වකවානව වනවිට චිත‍්‍ර කලාව පුරාතන ග‍්‍රීසියේ පැවතියාට වඩා සත්‍ය පරම දෙයක් බවට පත් විණ.ි සුන්දරත්වය පිළිබද විශ්වීය සංකල්පය කරා ළගාවීමේ නොහැකියාව පිළිබද හේගල් දක්වා සිටි අතර ඔහු සිය සෞන්දර්‍යාත්මක රචනාවක චිත‍්‍රය, කවිය හා සංගීතය යන තුනම රෝමාන්තික කලාවන් ලෙසින් දක්වන ලද.ි චිත‍්‍ර කර්මය පිළිබද න්‍යායන් සම්පාදනය කළවුන් අතර කැන්ඩින්ස්කි සහ පෝල් ක්ලී වැදගත් වෙයි. කැන්ඩිනිස්කි සිය කෘතියේ දක්වා සිටින්නේ චිත‍්‍ර කර්මය තුල අධ්‍යාත්මික වටිනාකමක් පවතින බවය. ඔහු මූලික වර්ණ අනිවාර්යෙන්් හැගීම් වලට සම්බන්ද කොට දක්වන ලදි.
                          විසිවන සියවසේ චිත‍්‍ර කලාවේ සිදුවූ ඝනිකවාදය වැනි වර්ධනයන් විසින් ඊට පෙර පරම ධනය වූ විෂය වූ ස්වභාවිකත්වය නොඑසේනම් භාහිර ලෝකයෙන් ඔබ්බට චිත‍්‍ර කලාව ගෙන යන ලදි. චිත‍්‍ර කලාවේ වඩාත් මෑත කාලීන න්‍යායාත්මක දායකත්වය සපයනු ලැබුවේ  සිත්තරකු හා ලේඛකයකු වන ජූලියන් බෙල් විසින.ි ඔහුගේ  ෂබ ඵසරරදර දෙ ඔයැ උදරකා  නම් කෘතියෙන් ඔහු චිත‍්‍ර කරණය මගින් හැගීම් සහ අදහස් ප‍්‍රකාශ කළ හැකිද යන ඓතිහාසික මතවාදයේ විකාශනය සාකචජා කරය.ි ඔහු මෙසේ ලියයි’ ‘‘කලා කෘතියක් ඔබේ අවධානය අඛණ්ඩව රදවා තබා ගැනීමට උත්සහ කරයි. කලාවේ ඉතිහාසය එය ඉදිරියට ගෙන යමින් පරිකල්පනයේ නිවහන් බිමට සමතලා කරමින් අධිවෙගී මාර්ගයක් නිරමාණය කරයි. ”
                                                  by Nisansala Krishamanthi




No comments:

Post a Comment